2007 සිට 2012 දක්වා ප්රංශයේ නායකත්වය දැරූ ගතානුගතික නායකයා වූ හිටපු ප්රංශ ජනාධිපති නිකොලා සර්කෝසිට, ලිබියාවෙන් මැතිවරණ අරමුදල් රැස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ අපරාධකාරී කුමන්ත්රණය වෙනුවෙන් ඊයේ (25) වසර පහක සිර දඬුවමක් නියම වුණා.
මෙය බොහෝ දෙනා අපේක්ෂා කළාට වඩා දැඩි දඬුවමක් වීම නිසා ඔහුගේ මිතුරන් මෙන්ම විරුද්ධවාදීන් යන දෙපිරිසම මවිතයට පත් වි ඇති බවත් මෙම දඬුවම හේතුවෙන්, යුද්ධයෙන් පසු සිරගත වන ප්රංශයේ පළමු ජනාධිපතිවරයා බවට සර්කෝසි පත් වනු ඇත.
හිටපු ප්රංශ ජනාධිපතිවරයා ඔහු වෙත හෙළා තිබූ මෙම චෝදනා ප්රතික්ෂේප කළ අතර, මෙය දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවට ද චෝදනා කරයි. නෛතික ගැටලු පැවතුනද, සර්කෝසි ප්රංශයේ තවමත් බලගතු පුද්ගලයෙක් ලෙසයි සැලකෙන්නේ.