සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “පියුමා” යළි රක්ෂිත බන්ධනාගාරයට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස සැලකෙන පියුම් හස්තික, හෙවත් “පියුමා” නැමැති සැකකරු ලබන ඔක්තෝබර් මස 15 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියෝග කර තිබෙනවා. මෙම නඩුව ඊයේ දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු ශාරීරිකව අධිකරණයට රැගෙන විත් තිබුණේ නැහැ.

කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස සැලකෙන ‘පියුමා’, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් ඇතුළු බරපතල චෝදනා රැසක් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශනවලට ලක්ව සිටින පුද්ගලයෙක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව සිදු කරන බවටයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටයි නියෝග කර තිබෙනවා.

Read more

Local News