ඇප මත මුදා හරින ලෙස ඉල්ලූ ශශීන්ද්‍රගේ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

Share

අල්ලස් කොමිසම මගින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීම හේතුකොටගෙන කොළඹ මහාධිකරණය විසින් එය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

මෙම පෙත්සම අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවා තිබෙනවා. එහිදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයාගේ උපදෙස් පරිදි මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බවයි.

ඒ අනුව, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා, ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට නියෝගය ලබා දී තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News