දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු වාහනයකින් යටකර මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ඊයේ (02) කොළඹ මහාධිකරණයෙන් වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා. මෙම තීන්දුව නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්නයි. දඬුවම් ලැබූ සුනිමල් කුමාර නමැති දෙහිවල පදිංචිකරුවාට මීට අමතරව රුපියල් දස දහසක දඩයක්ද නියම කෙරුණා.
මීට අදාළ සිදුවීම වාර්තා වන්නේ 2008 වසරේ ජනවාරි මස 17 වන දින වන අතර, පොලිස් නිලධාරීන් විසින් නවත්වන ලෙස සංඥා කළ අවස්ථාවේදී සැරයන් වීරසිංහ බණ්ඩාර යටකර දැමීමට විත්තිකරු තැත් කර තිබුණා. නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වන මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට කිසිදු සමාවක් හිමි නොවන බව අවධාරණය කරමින් විනිසුරුවරිය මෙම තීන්දුව ලබා දී තිබෙනවා. විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව සඳහන් කරමින් දීර්ඝ විභාගයකින් අනතුරුව මෙම දඬුවම නියම කර තිබූ බවයි වාර්තා වන්නේ.




