නල්ලතන්නි ලක්ෂපාන තේ කම්හලේ හදිසි ගින්නක්

Share

නල්ලතන්නි පොලිස් වසමට අයත් ලක්ෂපාන තේ කම්හලේ හදිසි ගින්නක් හටගෙන ඇති බව නල්ලතන්නි පොලිසියට වාර්තා වී තිබෙනවා. අද දින (09) අලුයම 1.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා. කර්මාන්ත ශාලාවේ තිබූ සියලුම භාණ්ඩ පිළිස්සි ඇති අතර එහි ගබඩා කර තිබූ හරිත තේ කොළ සහ තේ කුඩු ද විශාල ප්‍රමාණයක් පිළිස්සී ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙම ගිනි ගැනීමේ තත්ත්වය හේතුවෙන් මුළු ලක්ෂපාන ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී තිබෙනවා. ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂපාන පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News