2026 වසරට අදාළ අයවැය ක්‍රියාත්මක කිරීමත් සමඟ රජයේ සංවර්ධන ඉලක්ක වඩාත් වේගයෙන් හා කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා රජය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවේ නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතයි.
