කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු ඊයේ (09) ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් පුද්ගලයෙකි. ඔහු කැනඩාවේ පුරවැසියෙකු වන අතර, එම තත්ත්වය යොදාගෙන මොහු රැකියා අපේක්ෂකයින් රැසක් මුලා කර ඇත. ඔහුගේ වංචාවට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව, කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා තිබිණි.
සැකකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කරගත හැකි බවට පොලිස් උපායදූතයෙකු මාර්ගයෙන් පවසා ඊයේ දින කාර්යාංශය වෙත කැඳවා ප්රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණි. වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීමට මුදල් අය කිරීම හා වංචා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මොහුව අද (10) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.