හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව දෙසැම්බර් 10ට විභාගයට

Share

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි දූෂණ නඩුවක විභාගය දෙසැම්බර් 10 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (10) තීරණය කර තිබෙනවා.

නඩුවට පාදක වී ඇත්තේ, 2013 වසරේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කරමින් රුපියල් 494,000ක් බැංකු ගිණුමකට බැර කිරීමට සැලැස්වීම තුළින් “දූෂණය” නම් වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් එල්ල කරන ලද චෝදනාවයි.

විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුකරයට අදාළ ලේඛනවල මුල් පිටපත් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව නීතිඥවරු අධිකරණයට දන්වා සිටි අතර, ඒ සඳහා අවසර ලබා දීමෙන් පසු පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් අනතුරුව නඩු විභාගය සඳහා දිනය නියම කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News