ගනේමුල්ල සංජීව ඝාතන සැකකාර ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ නේපාල ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි මෙලෙස ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය සමඟ තවත් සැකකරුවන් 5 දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම පිරිස හෙට (15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගනිමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Read more

Local News