2010 වසරේදී සිදුවූ පැහැර ගැනීමක් සහ ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අද (14) කුරුණෑගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.
2010 වසරේදී පොතුහැර ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් චෝදනා මත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.