අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) නවදිල්ලි නුවරට ගියාය. ඇයව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු දේශපාලන නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. එමෙන්ම, ඇය 2025 NDTV ගෝලීය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන අතර, ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog ආයතන නැරඹීමටත්, ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමටත් නියමිතය. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීම ඇගේ අරමුණයි.
මෙම සංචාරය දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව තහවුරු කරනු ඇත.