දිවුලපිටියේ ලැගුම්හලකින් පුද්ගල මළසිරුරක් හමුවෙයි

Share

ඊයේ(15) දින දහවල් කාලයේදී දිවුලපිටිය පොලිස් වසමේ බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට දිවුලපිටිය පොලිස් ස්ථානයකට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවු. 26 ක් වූ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර දිවුලපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News