ශ්‍රී ලංකාවේ යොවුන් මෝටර් රථ ධාවකයෙකු වන යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ රුකී ශූරතාව දිනාගැනීමෙන් ඉතිහාසගත වී තිබෙනවා
මෙම ජයග්‍රහණය ඔහුට හිමි වූයේ, එම තරගාවලියේ ඉතාලියේ මොන්සාහි පැවති 8 වැනි අදියරේ දෙවන තරගයේදී දෙවන ස්ථානය ලබාගැනීම හේතුවෙනුයි.
ඒ අනුව, යෙවාන් ඩේවිඩ් යූරෝ ෆෝමියුලා විවෘත තරගාවලියක රුකී ශූරතාව දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වී තිබෙනවා.