රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 100 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ 60 හැවිරිදි පෝලන්ත ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසිනි.
රේගුව සඳහන් කළේ ඔහු තම ඉන වටා බැද ගෙන සිටි විශේෂ පටියක මෙම ග්‍රෑම් 100 ක් බරැති රන් බිස්කට් 100 සඟවා ගෙන සිටි බවයි.