හරීන් ප්‍රනාන්දුට UNP හි නව තනතුරක්

Share

එක්සත් ජාතික පක්ෂය (UNP) වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස පත් කර තිබෙනවා.

මෙම තනතුර යටතේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට පැවරී ඇති වගකීම වන්නේ මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

මීට අමතරව, එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් 1,000 භාරය සම්බන්ධීකරණය කිරීමද හරීන් ප්‍රනාන්දු විසින් සිදු කරනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News