දෙහිබාල මල්ලී, කළු මල්ලි අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග – විදේශ ගමන් තහනමකුත් පනවයි

Share

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි දෙහිබාල මල්ලී (සෙහාන් සත්සර) සහ කළු මල්ලි (තුෂාන් නෙත්සර) වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මීට අමතරව, ඔවුන්ට විදේශ ගමන් තහනමකුත් පැනවීමටද ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.

නාවික හමුදාව පසුගියදා දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 839.254 ක් වන අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒම මොවුන් විසින් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශයක සැඟවී සිට මෙහෙයුම් සිදු කරන බවටයි පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා නොවැම්බර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා. පොලීසිය මෙම පුද්ගලයන් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා ද කැඳවීමටද නියෝග ඉල්ලා තිබු බවත් මෙහිදී සඳහන් කර තිබෙනවා.

Read more

Local News