ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් බලපත්‍ර ලාභී ආයුර්වේද සම්බාහන (ස්පා) ආයතන පවත්වාගෙන යන්නන් බවත්, සෑම මධ්‍යස්ථානයකම සුදුසුකම්ලත් වෛද්‍යවරුන් සහ තෙරපිවරුන් සිටින බවත්ය. 2019 වසරින් පසු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් තම රැකියා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත්, පොලිසිය වරින් වර වැටලීම් සිදුකිරීම නිසා වෘත්තිය නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම ආයතන නියාමනය සඳහා රජය පනත් කෙටුම්පතක් සකස් කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ.
පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.