ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන පරිදි, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට සහ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයකට අද (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදු කෙරේ.
නිකුත් කළ නිවේදනයකට අනුව, අද උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මෙම ජල කප්පාදුව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට අමතරව බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට බලපානු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය සපයන ප්‍රධාන පොම්පාගාරයට විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන්, එම පවිත්‍රාගාරයෙන් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුවන නිසාවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි NWSDB වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.