ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ලොකු පැටී’ සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන දේවාල කපුවෙකු ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දුන්නේ, ‘ලොකු පැටී’ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 33 කට ආසන්න මුදලක් සැකකාර කපුවාගේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි. මෙම මුදල් චෙක්පත් මගින් කපුවා ලබාගෙන ඇති බවත්, මෙය මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනය කරන බවත් CIDය ප්‍රකාශ කර තිබෙනවා.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් වන නියෝගය ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇති අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේම, මෙම විමර්ශනවලදී රුපියල් කෝටි 1000 ක් පමණ සංසරණය වූ තවත් ගිණුම් තුනක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.




