චීන ජනපති පෙන්වා දුන්නේ ජාතික තත්ත්වයන්හි වෙනස්කම් හේතුවෙන් මතභේද හා ගැටුම් ඇතිවීම සාමාන්‍ය බවයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ නොසන්සුන්භාවය හමුවේ, චීන-අමෙරිකා සබඳතාවන්හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා නායකත්වය ගෙන සමස්ත තත්ත්වය නිවැරදි දිශානතියකින් කළමනාකරණය කළයුතු බවයි.
ඔහු පැවසුවේ චීනයේ සංවර්ධනය ‘අමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ට්‍රම්ප්ගේ ඉලක්කයට පටහැනි නොවන බවත්, දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය අත්කර ගත හැකි බවත්ය. ෂී ජින්පිං කියා සිටියේ චීනය සහ අමෙරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත්, එය ඓතිහාසික අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බවත්ය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ චීන-අමෙරිකා සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරටේ සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ට්‍රම්ප් සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත් තමා කැමති බවයි.




