හිරණ මාලමුල්ලේ වෙඩි තැබීමක්

Share

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2025 අප්‍රේල් 29 වන දින අලුයම හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ සාදයක් අතරතුරදී T56 ගිනි අවියකින් වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස 40ක් වන මොරවින්න පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක්. අපරාධය සිදු කළ සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සහ පලා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඊයේ (30) මාලමුල්ලේදී අත්අඩංගුවට ගෙන හිරණ පොලිසියට භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News