විදුලි සැර වැදී 35 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට

Share

ඊයේ (30) රාත්‍රියේ බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

ආරම්භක විමර්ශනවලින් හෙළි වී ඇත්තේ විදුලි හීටරයක් ස්පර්ශ වීමෙන් ඇයට මෙම අනතුර සිදුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News