මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ (CIABOC) නිලධාරීන් විසිනුයි.
චරිත රත්වත්තේට එල්ල වී ඇති චෝදනාව වන්නේ, 2015 වසරේ දී අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සිටිය දී, රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ ධාන්‍ය තාවකාලිකව ගබඩා කිරීමට භාවිතා කරන ලද කොකුන් ගබඩා 50ක් මිලදී ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය නොසලකා හරිමින්, ඔහු විසින් හඳුන්වා දුන් ආයතනයක් ඔස්සේ ඒවා ආනයනය කර මිලදී ගැනීමට සංස්ථාවේ නිලධාරීන් පොළඹවා තිබීමයි.
මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් 99,679,799ක පාඩුවක් මෙන්ම බාහිර පාර්ශවයකට එම මුදලට සමාන වාසියක්ද සලසා දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. අදාළ චෝදනාවලට අනුව, චරිත රත්වත්තේ අද (04) උදෑසන 8.25ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.




