මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාවක අද (05) රාත්‍රී කාලයේදී ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගෙන ඇත්තේ අදාළ ආයතනයේ ගිනිකූරු ගබඩා කර තිබූ කොටසේ බවයි මේ වනවිට වාර්තා වී ඇත්තේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයට අයත් රථ තුනක් (03ක්) පැමිණ ඇති අතර, මේ වන විටත් ගින්න නිවීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. ගින්න ඇතිවීමට හේතුව සහ ඉන් සිදුවූ හානිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.




