2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද දහවල් 01.30 ට අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) දින සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා දින සවස ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතයි. තවද, අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 වැනිදා සිට දින 17ක් පුරා පැවැත්වෙනු ඇති අතර, තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනි දින සවස ප.ව.6.00 ට සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා. අයවැය කාලසීමාව තුළදී රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙසු සියලු දිනවල අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.




