නව දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීම අද

Share

ශ්‍රී දළදා මාළිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරා ගැනීමේ නිලවරණය අද (07) ප.ව. 2.00 ට මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම නිලවරණය සඳහා මෙවර අපේක්ෂකයින් 7 දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි වාර්තා වනවා. අපේක්ෂකයන් අතර වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, දේවාල ප්‍රධාන භාරකරුවන් කිහිප දෙනෙකු, මහාචාර්යවරුන් සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද සිටින බවටයි වාර්තා වන්නේ.

මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකුට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබී තිබෙන අතර විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුව, අපේක්ෂකයා වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙකු විය යුතු අතර උසාවියේ වැරදිකරුවෙකු ද නොවිය යුතුයි. තෝරා පත්වන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වන අතර, ඔහුට 2035 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ. නාමයෝජනා එකකට වඩා ඉදිරිපත් වුවහොත් සුදුස්සා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි.

Read more

Local News