ජනපති අනුර කුමාර දිසානායක අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට

Share

මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 වසරේ රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර පැමිණියා. ජාතික ජනබලවේග රජයේ දෙවන අයවැය වන මෙහි, 2026 වසර සඳහා සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,434ක් බව දක්වා ඇතැයි වාර්තා වනවා.

විසර්ජන පනත් කෙටුම්පත මගින්, ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සඳහා ඉහළම මුදල වන රුපියල් බිලියන 634ක් වෙන් කර තිබේ. ඊට අමතරව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 554ක්, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන් කර ඇත.

ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තව සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News