දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් තීන්දුව ලබා දුන් අතර ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 16 වනදා කැඳවීමටද නියම වුණා.




