වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට හිමි පුරප්පාඩු වූ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ධුරය පුරප්පාඩු වූයේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර පසුගිය දිනක වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙනුයි.





