හුරුලු⁣වැවෙන් නැවතත් මතු වූ පතරොම්

Share

හුරුලුවැවේ පතරොම් තොගයක් ඇති බවට 119 ලැබුණ තොරතුරකට අනුව ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් ඊයේ(11) සවස හුරුලු වැව පත්තිනි දේවාලය අසළ නාන තොටුපළ පරීක්ෂා කිරීමේදී සොයා ගෙන තිබුණා. එම ස්ථානයේ තිබී T56 පතරොම් විසි එකක් ,mpmg පතරොම් 33 ක්, 9 mm හිස්කොපු 100කට වැඩි ප්‍රමාණයක් හා දුම්බෝම්බ එකක් සොයා ගත් බවයි ගලෙන්බිදුණුවැව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ස්ථානයේ මීට පෙරද පතරොම් තොගයක් තිබී ගලෙන්බිදුණුවැව පොලිසිය සොයාගත් අතර කවුරුන් හෝ ගෙනවිත් දැමූ පතරොම් තොගයෙන් කොටසක් වැවේ ජලය බැස ගොස් තිබීම හේතුවෙන් මතුවී ඇති බවටයි පොලිසිය සැක පළ කළේ.

Read more

Local News