ආරුගම්බේදී විදේශීය කාන්තාවකට අතවර කිරීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට

Share

විදේශීය ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වීම ශ්‍රී ලංකා පොලීසිය විසින් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසය සහ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය් මගින් කරන ලද විමර්ශනයකට අනුව සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊයේ(16) සවස් කාලයේ පෙරියනිලාවේනි පොලිස් වසමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවු. 25 ක් වන එල්ලෙයිවීදිය, කළුවංචිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන පොතුවිල් පොලීසිය මගින් මෙහෙයවනු ලබන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News