බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි

Share

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියට එරෙහිව එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් විසින් මරණ දඬුවම නියම කර තිබේ. ඇය වසර පහළොවක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර, මෙම තීන්දුව ලබාදී ඇත්තේ පසුගිය වසරේ (2024) එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩි ලෙස මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මාරාන්තික අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් නියම වී ඇත. ඇය ගෙන ගිය මර්දනකාරී පියවර හේතුවෙන් 2024 විරෝධතා අතරතුර පුද්ගලයන් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර, තවමත් එරට මැතිවරණයක් පවත්වා නිත්‍යනුකූල රජයක් පිහිටුවාගෙන නොමැත.

Read more

Local News