උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Share

අද (18) දින මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ අංක 1126 දරන මිශ්‍ර දුම්රියක්, ඔහිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබේ.

මෙම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

දුම්රිය යථා තත්ත්වයට පත් කරන තුරු, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන මගී දුම්රිය පීලි පැනීම සිදු වූ ස්ථානය ආසන්නය දක්වා ධාවනය කර, මගීන් වෙනත් දුම්රියන්වලට මාරු කිරීමෙන් ඔවුන්ගේ ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Read more

Local News