2019 වසරේ දකුණු මුහුදේ හෙරොයින් කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ විත්තිකරුවන් පස් දෙනෙකුගේ දඬුවම අද (නොවැම්බර් 21) අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරු මඩුල්ල විසින් නිෂ්ප්‍රභ කරන ලදී.
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී “බුද්ධිමා” නමැති බහුදින ධීවර යාත්‍රාවක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.
අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහාධිකරණ තීන්දුව නීත්‍යනුකූල බව පෙන්වා දුන් අතර සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දඬුවම අනුමත කරමින් අභියාචනා ඉවත දැමීමට තීන්දු කර තිබෙන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.




