අද දින නුගේගොඩ පැවැත්වෙන මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අපොස උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙන බැවින් ඊට කිසිදු කිසිදු බලපෑමක් සිදු නොවන පරිදි කොන්දේසි වලට යටත්ව ශබ්ද විකාශන භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දී ඇත්තේ. මේ අතර පාසල් දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විභාග මධ්‍යස්ථාන ආසන්නයේ මෙවැනි රැලියක් පැවැත්වීම පිළිබඳව ගුරු සංගම් සහ දෙමාපියන් සිය අප්‍රසාදය පළ කරනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




