පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු තණමල්විල, බටුවැව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියආර ප්රදේශයේ පදිංචි මෙම සැකකරු කැණීම් උපකරණ ද සමඟ පොලිස් භාරයට ගත් බවයි තණමල්විල පොලීසිය සඳහන් කළේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය මඟින් සිදු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




