වසර 24කට පසු නිදොස් කොට නිදහස් කළ යුද හමුදා කපිතාන්වරයා

Share

2001 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේ ස්වර්ණාභරණ හලකින් රම්බෝ පිහියක් හා ගිනි අවියක් පෙන්වා රුපියල් 20,000ක් වටිනා ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා කපිතාන්වරයෙකු (උදයශාන්ත කොඩිතුවක්කු දිසානායක) සහ ඔහුගේ පෞද්ගලික රියැදුරා (ඉලංග ශිරාන්) ව වසර 24කට පසුව කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බැවින් දීර්ඝ විභාගයකින් අනතුරුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කෙරුණා.

Read more

Local News