අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ (27) දින සිට සිරවී සිටි පුද්ගලයෙක් සහ අද (28)උදෑසන පොලොන්නරුව මනම්පිටිය පාලම මත සිටි පුද්ගලයින් 06 දෙනෙක් ද ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවට වාර්තා වනවා




