කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්නැ‍යි පොලිසියෙන් ඉල්ලීමක්

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් නිසා මාර්ග කිහිපයක් අවහිර වී ඇති බවයි. ඒ හේතුවෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග කොටස් වන්නේ ප්‍රේමසිරි කේමදාස මාවත (ලයනල් රඟහල ආසන්නයේ), කැප්පෙටිපොළ මාවත, ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නය, ඇල්විටිගල මාවත, රැජින පාර හන්දිය, කොටහේන ආමර් බාබර් හන්දිය (පන්සල අසල) යන මාර්ගයි

Read more

Local News