ඊයේ (08) රාත්‍රී කාලයේ පානදුර දකුණ පොලිස් වසමේ වලාන පාර ප්‍රදේශයේදී ඇතිවූ පහරදීමකින් 29 හැවිරිදි තරුණයෙකු ඝාතනය වී ඇති බවට වාර්තා වනවා. තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කරන විටදී මියගොස් ඇති බවට ලැබුණු පණිවුඩයක් මත මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මුදල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 54ක් වන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වනවිට මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පානදුර දකුණ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.




