නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්

Share

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (11) දින එම එළවළු තොගය කොළඹට ප්‍රවාහනය කළ බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පවසා තිබෙනවා.

මේ අනුව ගෝවා කිලෝවක් – රු.140, කැරට් – රු. 210, ලීක්ස් – රු.210, රාබු – රු.160, බීට්රුට් – රු. 260, බීට්රූට්/කට් – රු.330, අර්තාපල් – රු.270, රතු අර්තාපල් – රු. 290, නෝකෝල් – රු.260 ඇතුළු චීන ආහාර සඳහා භාවිත කරනු ලබන එළවළු වර්ග කිලෝ 73000ක් යොමු කළ බවත්, (10) දිනයේදී එළවළු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කළ බවත්, (11) දිනයේත් එවැනිම එළවළු තොගයක් ලැබී ඇති බවයි එහි කළමණාකාරවරයා කියා සිටියේ.


නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළඳපොළේ එළවළු සඳහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News