රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන ගම්පොළ නුවරඑළිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ඊයේ(11) දින පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.
වාහන ධාවනයට විවෘත කරන ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයේදී ආපසු ප්‍රධාන මාර්ගයට පස් කන්දක් වැටී ඇති බවත් පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කඳු කඩාවැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.




