රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් සොයා ගෙන ඇතැයි වාර්තා වනවා. සැකකරුට අයත් මෙම ගිනිඅවිය ඇතුළු දේපොළ, දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා තිබී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව, එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදී, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, සහ ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබෙනවා. CID නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කැලණිය කඳවුරේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.
Share
Read more




