මනම්පිටියේ පුද්ගල ඝාතනයක් – සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනේ

Share

ඊයේ (17) දින අළුයම් කාලයේදී, මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම අසල කැලෑබඳ ප්‍රදේශයක තිබී අත්පා සහ මුඛය ගැටගසා ඝාතනය කරන ලද 29 හැවිරිදි ටිපර් රථ රියදුරෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

දළුකාන, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අතුරුදන් වූ බවට ඔහුගේ බිරිඳ කරන ලද පැමිණිල්ලකට අනුව, රථයේ තිබූ GPS පද්ධතිය ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇති අතර එහිදී ඔහු වැලි ප්‍රවාහනය කරමින් සිටි බවත්, ටිපර් රථය මෛත්‍රීපාල වටරවුම අසල අතහැර දමා තිබියදීත් සොයාගැනුණා. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මනම්පිටිය පොලිසිය පුළුල් විමර්ශන පවත්වන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News