පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප

Share

වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුකරයක් ඉකුත් දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අර්ජුනා මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. 

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තූ නිකුත් කර තිබුණා. ඒ අනුව අර්ජුන මන්ත්‍රීවරයා පොලිසිය වෙත බාරවීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුනා මන්ත්‍රීවරයා ඔහුට නියම කළ පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා  නියම කළා.

Read more

Local News