ඊයේ(29) දින සවස් කාලයේ බේරුවෙල පොලිස් වසමේ චීනකොටුව ප්රදේශයේදී බේරුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙක්. බේරුවෙල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.



