කෙහෙළිය පවුලේ තවත් නඩුවක් කැඳවීමට දින දෙයි

Share

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව ලබන පෙබරවාරි 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (12) නියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර, ඔවුන්ට හිමි වැටුප් හා දීමනා තම බැංකු ගිණුම්වලට බැර කරගනිමින් දූෂණයට අනුබල දීම යන චෝදනා මතයි මෙම නඩුව පවරා ඇත්තේ. හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි රඹුක්වැල්ල සහ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කර තිබෙනවා.

Read more

Local News