පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේදී අද (12) උදෑසන මෝටර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය තහවුරු කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය මෙහෙයවන බවටයි වාර්තා වන්නේ.
Share
Read more



