‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක ‘REBUILDING SRI LANKA’ ජාතික වැඩපිළිවෙළ අද (13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වුණා. මෙහි මෙහෙයවීම් සහ අධීක්ෂණ කටයුතු සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් ද ස්ථාපිත කර තිබෙනවා.
මෙම වැඩසටහන මගින් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම, යටිතල පහසුකම් සහ ජීවනෝපාය නැවත ගොඩනැඟීම මෙන්ම ඩිජිටල් දත්ත පද්ධති හරහා විධිමත් සම්බන්ධීකරණයක් ඇති කරමින් දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් අපේක්ෂා කෙරෙන බවත් සඳහන් වනවා. මීට අමතරව, ප්‍රධාන තීරණ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ අමාත්‍යවරුන් යටතේ විශේෂ උප කමිටු පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



