නවගමුව වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොටු

Share

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ ඉකුත් 1 වනදා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (18) දින කැලණිය, කොහොල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් පැමිණි වෑන් රථය පදවා ඇත්තේ මෙම 19 හැවිරිදි සැකකරු බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර, ඊට ආධාර අනුබල දීමේ චෝදනාව මත‍යි පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

Read more

Local News